brand logo

ගිනිගත්හේන නගරයේ වෙලදසැල් නායයාමෙන් අතුරුදහන්ව සිටි ව්‍යපාරිකයාගේ සිරුර සොයා ගැනේ

19 July 2019

ගිනිගත්හේන නගරයේ වෙලදසැල් නායයාමෙන් අතුරුදහන්ව සිටි ව්‍යාපාරිකයාගේ සිරුර යුධ හමුදාව පොලිසිය ප්‍රදේශවාසින් එක් වි සිදු කල මෙහෙයුමකදි නායයාමෙන් කඩා වැටිමට ලක් වු ගොඩනැගිල්ලේ සුන්බුන් අසල තිබි අද (19) උදැසන සොයාගනු ලැබුවා. මෙසේ සොයාගැනු ලැබුවේ නායයාමට ලක් වු වෙළදසැල් 10 න් මුළුතැන්ගෙයි උපකරණ අලෙවිසැලක අයිතිකරු වන අඹගමුව ප්‍රදේශයේ පදංචි කාල්ඩින් මෙහොමඩ් ජමල්දින් නැමති 64 හැවිරිදි අයෙකුගේ සිරුරයි. පශ්චාත් මරණ පරික්ෂණය සදහා සිරුර නාවලපිටිය මුලික රෝහල වෙත යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂන පවත්වයි. නායයමට ලක් වු වෙලදසැල් සහ ඊට යාබදව පිහිටි වෙළදසැල් ගණනාවක් නායයමේ අවධානමක් පවතින බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මිට ප්‍රථම හදුනාගෙන එම වෙලදසැල් හිමියන්ට ඉන් ඉවත් වෙන ලෙස අවස්තා කිහිපයකදි දැනුම් දි තිබුණා. ගිනිගත්හේන පොලිසිය අසල ගිනිගත්හේන මහනුවර ප්‍රධාන මාර්ගයේ කොටසකුයි මෙසේ නාය ගොස් ඇත්තේ. ප්‍රධාන මාර්ගයේ කොටසක්ද නායයාමේ අවධානමක් පවතින නිසා පොලිසිය ඉදිරිපිට සිට ගිනිගත්හේන බස් නැවතුම්පොල දක්වා මහනුවර මාර්ගය සම්පුර්ණයෙන්ම වසා දමා තිබෙනවා. එම මාර්ගයේ ගමන් ගන්නා වාහන කොළඹ මාර්ගය දෙසට ගමන් කර බස් නැවතුම්පොල හරහා ප්‍රධාන මාර්ගයට පිවිසෙන ලෙසයි ගිනිගත්හේන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ. හැටන් රංජිත් රාජපක්ෂ
 

More News..