brand logo

ගිනිඅවි 05ක් සමඟ පස් දෙනෙකු STF දැලේ

22 August 2019

සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් විසින් හම්බෙගමුව පොලිස් බල ප්‍රදේශයේ සුදුගල මව්ආර ප්‍රදේශයේ සිදු කල වැටලීමකදී මෙරට නිෂ්පාදනය කරන ලද ගිනිඅවි පහක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ උප පොලිස් පරීක්ෂක රාජසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැටලීම සිදු කර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්වෙල පාර හම්බෙගමුව යන ලිපනයේ පදිංචිකරුවන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු තිස් පහත් පනස් හයත් අතර පසුවන්නන් පිරිසක් වන අතර සැකකරුවන් වන සතුන් දඩයම් කිරිමේ අරමුනින් මෙම ගිනිඅවි ලග තබාගන්නට ඇති බව පොලිසිය සැකපල කරයි.සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සූරිය පොලිස් විශේෂ කාර්ය බලකාය ඉදිරි විමර්ශන සිදු කරයි. ජයන්ත වීරසේකර
 

More News..