brand logo

ගිනිඅවි සහ උණ්ඩ සමග සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට

10 July 2020

ගිනිඅවි සහ උණ්ඩ සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු මීටියාගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය සදහන් කළේ මිටියාගොඩ, ගින්නරුව, වේරගොඩ ප්‍රදේශයේදී තුවක්කුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු සහ කැරලියන්ගොඩ, කහව ප්‍රදේශයේදී ද මිලිමීටර් 9 උණ්ඩ යෙදිය හැකි රිවෝල්වරයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 22 හා 23 වයස්වල පසුවන වේරගොඩ සහ කහව ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී තවත් සැකකරුවන් දෙදෙනකු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණ කර ගැනීමට හැකිවු බව පොලීසිය පැවසීය. මේ සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.
 

More News..