brand logo

ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීමට සහන කාලයක්

16 November 2020

2021 වසරට අදාළව ආරක්ෂක අමාත්‍යංශය මගින් හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මගින් සිදුකරනු ලබන සියලුම ගිනිඅවි බලපත්‍ර අලුත් කිරීම සහ පෞද්ගලික ආරක්ෂක නියෝජ්‍යයාතන බලපත්‍ර අලුත් කිරීම සදහා සහන කාලයක් ලබාදීමට ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යංශය සදහන් කළේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් එම බලපත්‍රයන් අලුත් කිරීම ලබන වසරේ පෙබරවාරි මස 28දක්වා සිදුකිරීමට කාලය ලබාදී ඇති බවයි. ලබන වසර සදහා වන බලපත්‍ර අලුත් කිරීම මීට පෙර සිදුකළ යුතුව තිබුණේ 2020 දෙසැම්බර් මස 31 වන දිනට පෙරය.
 

More News..