brand logo

ගින්නට හසු වී මිය ගිය ආබාධිත කාන්තාවට කොවිඩ්

22 February 2021

පිළිස්සුම් තුවාල සහිතව කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගිය කාන්තාවට කොරෝනා ආසාදනය වී ඇති තහවුරු වී තිබේ. ගාල්ලේ හපුගල, බෙරලියදොළවත්ත ග්‍රාම නිලධාරී වසමේ පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් ඇති ඇති අතර ඇය කලක සිට ආබාධිතව නිවසේ සිටි අයෙකු බව වාර්තා වේ. රෝද පුටුවක සිටි එම කාන්තාව ඇයගේ කාමරයෙන් දුමක් පිට වීම නිසා එය බැලීමට ගොස් ඇති අතර එහිදි ඇයට රෝද පුටුවේ සිටිය දීම ගිනි ඇවිලී ඇති බව ඇගේ පුතකු පෝද්දල පොලිසියට පවසා ඇත. කඩිනමින් කරාපිටිය ශික්ෂණ රෝහලට ගෙන ගිය ඇය හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත. කාන්තාව මිය යෑමෙන් පසු කරාපිටිය රෝහලේදී ඇයට පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කර ඇති අතර එහි ප්‍රතිඵල අද(22) ලැබී ඇත. එම පී.සී.ආර් පරීක්ෂණ වාර්ථාවට අනුව ඇයට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති අතර හය සම්බන්ධ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබේ.
 

More News..