brand logo

ගිනස් පොතට ගිය ලෝක ප්‍රසිද්ධ තරු

05 March 2021

ගිනස් වාර්තා පොත දැනටමත් වසර 60 කට වඩා පැරණිය. සෑම වසරකම ගිනස් වාර්තා පිහිටුවීම සඳහා අයැදුම්පත් 50000ක් පමණ යොමු කෙරෙන අතර එම වාර්තා සමහරක් ලොව ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් ඔවුන්ගේ වෘත්තීය ජයග්‍රහණ සඳහා පිහිටුවා තිබීම විශේෂය. ගායකයින්, රූපවාහිනී සත්කාරක සමාගම්, නළු නිළියන් විසින් ගිනස් ලෝක වාර්තා කිහිපයක් පිහිටුවා ඇත. මේ එලෙස ගිනස් පොතට ඇතුළත් වූ ලෝක ප්‍රසිද්ධ තරු කිහිපයකි. මෙටැලිකා (Metallica) - ප්‍රසංගයට ප්‍රේක්ෂකයන් 7යි
  • මෙටැලිකා යනු 1981 වසරේදී අමරිකාවේදී ආරම්භ වූ Heavy metal ගණයට අයත් සංගීත කණ්ඩායමකි. මහද්වීප හතක ගමන් කළ පළමු සංගීත කණ්ඩායම ලෙස මෙටැලිකා සංගීත කණ්ඩායම ගිනස් වාර්තා පොතට ඇතුළත් විය. මහද්වීප හයක ප්‍රසංග පවත්වා ඇන්ටාක්ටිකාවේ කාර්ලිනි කඳවුරේදී පැවැත්වූ අවසන් ප්‍රසංගයෙන් පසුව මොවුන් ගිනස් පොතට ඇතුළත් වී ඇත. ඔවුන්ගේ ප්‍රසංගය ඇන්ටාක්ටිකාවේ පැවැත්වූ දෙවැනි ප්‍රසංගය වූ අතර එම ප්‍රසංගයට පැමිණ ඇත්තේ ප්‍රේක්ෂකයන් හත්දෙනකු පමණි.
ඩ්වේන් ජොන්සන් (Dwayne Jhonson) - මිනිත්තුවට සෙල්ෆි 15යි
  • සුප්‍රසිද්ධ මල්ලවපොර ශූරයකු මෙන්ම නළුවකුද වන රොක් නොහොත් ඩ්වේන් ජොන්සන් හටද ගිනස් වාර්තා කිහිපයක් ඇති නමුත් ඔහු වඩාත් ප්‍රසිද්ධියට පත්වූයේ සෙල්ෆි ඡායාරූප කිහිපයක් සමගින් අවසන් වරට ගිනස් වාර්තා පොතට එකතු වීමය. මින්ත්තු තුනකින් සෙල්ෆි ඡායාරූප 105ක් ලබාගත් වාර්තාව ඔහු සතුය.
ෂකිරා (Shakira) - මුහුණු පොතේ වැඩිම මනාප
  • ෂකිරා සතුව ගිනස් ලෝක වාර්තා සහතික කිහිපයක්ම ඇත. වැඩියෙන්ම අලෙවි වූ ස්පාඤ්ඤ ගීත ඇල්බමයක් සහ වැඩියෙන්ම අලෙවි වූ ස්පාඤ්ඤ ගීතය සඳහා ගිනස් වාර්තාවක් පමණක් නොව 2014 වසරේ ලෝක කුසලාන පාපන්දු තරගාවලිය සමයේ බ්‍රසීලයේ ක්‍රීඩාංගණයක සිට ඇය ලබාගත් ඡායාරූපයකට මුහුණුපොතෙහි මිලියන 100ක මනාපයක් ලබාගත් පළමු පුද්ගලයාද ඇයයි. එමගින් ඇය සමාජ මාධ්‍ය වාර්තාවකටද හිමිකම් කීවාය.
ජස්ටින් බීබර් (Justin Bieber) - වැඩිම යූටියුබ් ග්‍රාහකයන් ප්‍රමාණය
  • වයස අවුරුදු 18 වනවිට ගීත ප්‍රස්ථාරයේ ඉහළින්ම ඇල්බම තුනක් ලබාගත් පළමු කලාකරුවා ලෙස වාර්තා පොතට ඇතුළත් වන්නේ ජස්ටින් බීබර්ය. ලෝකයේ යූටියුබ් චැනලයන්ගෙන් වැඩිම ග්‍රාහකයන් (subscribers)ප්‍රමාණයක් සිටින්නේද ඔහුටය.
යූටියුබ්හි වැඩිම ග්‍රාහකයන් පිරිසක් සිටිය ද ලෝක ඉතිහාසයේ වැඩිම අමනාපයන් සහිත ගීත වීඩියෝවේ හිමිකමද ඔහු සතුය. ඒ Baby ගීත වීඩියෝව සඳහාය. ටේලර් ස්විෆ්ට් (Taylor Swift) - වසරක් තුළ වැඩිම ආදායම
  • 2019දී ටේලර් ස්විෆ්ට් වසරක් තුළ ඩොලර් මිලියන 185ක ඉහළ ආදායමක් උපයා ගත් එකම සංගීතඥවරිය ලෙස ගිනස් වාර්තා පොතට ඇතුළත් විය. ඇයගේ වාර්තාව පිරිමි පාර්ශවයෙන් ලබාගෙන ඇත්තේ ඩොක්ටර් ඩ්‍රේ විසිනි. ඒ වසරක් තුළ ඩොලර් මිලියන 620ක ආදායමක් උපායාගෙනය. බිල්බෝඩ් ගීත ප්‍රස්ථාරයේ දීර්ඝ කාලීනව නම පවත්වාගෙන ආ එකම කලාකාරිනිය ටේලර් ස්විෆ්ට් වන අතර 2019 වසරේදී ගිනස් කණ්ඩායම විසින් ඇයව වාර්තාවට ඇතුළත් කරගන්නාතුරුත් ඇය සති 36ක් පුරාම ගීත ප්‍රස්ථාරයේ ඉහළින්ම රැඳී සිටියාය.
චැඩ්වික් බොස්මන්  (Chadwick Boseman) - ට්විටර් ඉතිහාසයේ වැඩිම කැමැත්ත
  • මාර්වල් විසින් 2018 වසරේදී තිරගත කළ ලෝක ප්‍රසිද්ධ බ්ලැක් පැන්තර් හි ආදරණීය තාරකාව වඩාත් ආකර්ෂණීය කීර්තිමත් ලෝක වාර්තාවක් තබා ඇත. 43 හැවිරිදි මෙම නළුවා 2020 අගෝස්තු 28 වන දින මිය ගියේ පිළිකා රෝගය හේතුවෙනි. බොස්මන්ගේ මරණයෙන් පසු දින ඔහුගේ නිල ගිණුමෙන් ට්වීට් එකක් පළ කරන ලද අතර එහි ඔහුගේ ඡායාරූපයක්ද ඇතුළත් විය. ට්විටර් ඉතිහාසයේ වඩාත්ම කැමත්ත පළ කළ පෝස්ට් එක බවට ගිනස් ලෝක වාර්තාවක් පිහිටුවා ඇති අතර මේ වනවිට මිලියන 7.7 කට වඩා වැඩි සංඛ්‍යාවක් කැමැත්ත ලබාගෙන තිබේ.
එමිනම් (Eminem) - තත්පරයට වචන 97යි
  • 2013 වර්ෂයේදී එමිනම් විසින් ගායනා කළ ‘රැප් ගෝඩ්’ ගීතය මගින් වේගවත්ම රැප් කොටස සමගින් ගීත කිහිපයකම ලෝක වාර්තාව බිඳ දැමීමට ඔහුට හැකිවිය. මිනිත්තු 6යි තත්පර 4කින් වචන 1,560ක් රැප් කොටසින් ගායනා වූ අතර තත්ත්පරයට වචන 97ක් ඔහු රැප් කොටස මගින් ගැයීය. එමිනම්ගේ අටවන චිත්‍රාගාර ඇල්බමය වන ‘රැප් ගෝඩ්’ 2013 ඔක්තෝබර් 26 වන දින එක්සත් රාජධානියේ නිල කේවල සටහනේ 5 වැනි ස්ථානයට පත්වූ අතර නොවැම්බර් 2 වනවිට ඇමරිකාවේ බිල්බෝඩ්හි හොඳම ගීත 100 අතරින් හත්වන ස්ථානයට පත්විය. 2020 මැයි මාසයේදී ඔහු ෆේස්බුක්හි වඩාත්ම කැමති පිරිමි සංගීතඥයා ලෙස සහතික කරන ලද අතර මිලියන 86.4 කට අධික රසික රසිකාවියන් සංඛ්‍යාවක් ඔහු වටා සිටී.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ (Cristiano Ronaldo) - වැඩිම ඉන්ස්ටර්ග්‍රෑම් ප්‍රමාණයක් හිමි පුද්ගලයා
  • ඉතිහාසයේ හොඳම පිරිමි පාපන්දු ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීමේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. ඔහු අන්තර්ජාලය තුළ වඩාත් ආකර්ෂණීයම පුද්ගලයාද වේ. මලල ක්‍රීඩකයෙකු සතු වැඩිම ට්විටර් අනුගාමිකයන් (followers) ප්‍රමාණය ඔහු සතුය. ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක්හි වැඩිපුරම අනුගාමිකයන් පිරිසක් සිටිනා එකම පුද්ගලයා ලෙසද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගිනස් වාර්තා පොතට ඇතුළත් වී ඇත. ඒ ප්‍රමාණය මිලියන 257ක්.
    එරංදි කෞශල්‍යා
 

More News..