brand logo

ගෑස් මෙ.ටො. 12000ක් කඩිනමින් ගන්න කැබිනට් අනුමැතිය

07 November 2019

නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමේ අරමුණින් මෙලෙස හදිසි මිලදී ගැනීමක් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මෙම ගෑස් තොගය සෞදි අරාබියෙන් මිලදී ගැනීමට නියමිත අතර, ලිට්රෝ ගෑස් සමාගම වෙනුවෙන් මිලදී ගැනීම සිදුකරයි. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (05 වැනිදා) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේ සඳහා අනුමැතිය ලැබී ඇත. ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් ගෑස් බෙදාහැරීම කඩිනමින් සිදුකළද ඇතැම් නියෝජිත වෙළෙඳසල් ගෑස් පාරිභෝගිකයන් අතට පත් කිරීම කඩිනමින් සිදු නොකරන බව වාර්තා වෙයි. කලින් වෙන් කළ ගැනුම්කරුවන්ට ගෑස් සිලින්ඩර අලෙවි කළ යුතු බව ප්‍රකාශ කරමින් නියෝජිත වෙළෙඳසල් ගෑස් අලෙවි කිරීමට මැලිකමක් දක්වන බව පාරිභෝගිකයෝ පවසති. පාරිභෝගිකයන්ගෙන් ලැබුණු විවිධ පැමිණිලි මත නියෝජිත වෙළෙඳසල් පරීක්ෂා කිරීමටද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන ඇත. උදයජීව ඒකනායක
 

More News..