brand logo

ගෑස් මිල ඉහළ දමන ලෙස ඉල්ලයි

12 June 2021

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ඉල්ලීම් ඉදිරිපත්ව ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහ්න් කරයි. ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මේ වනතුරු තීරණයක් ගෙන නොමැති අතර මිල ගණන් අධ්‍යයනය කිරීම සඳහා පංච පුද්ගල අනුකමිටුවක් පත් කර තිබෙන අතර එම කමිටුව මගින් ලෝක වෙළඳපොලේ ගෑස් මිල වැඩිවීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස අධ්‍යයනය කරමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කරයි.
මාර්තු, අප්‍රේල්, මාසවලදී ලෝක වෙලඳපොලේ පැවති මිල ගණන් වලට අනුව අවම වශයෙන් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 540 කින් ඉහළ නංවන ලෙස ඉල්ලා ඇති බව ලාෆ් සමාගමේ සභාපති ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය මහතා පවසයි. Sri Lanka's Laugfs Gas invests in Bangladesh LPG company - Adaderana Biz English | Sri Lanka Business News
 
අවම වශයෙන් රුපියල් 580 ක මිල වැඩිවීමක් අවශ්‍ය බවයි ලිට්රෝ සමාගමේ සභාපති අනිල් කොස්වත්ත මහතා පවසයි.
Litro yet to withdraw “misleading” gas cylinders - Newsfirst.lk
 

More News..