brand logo

ගැහැනියක් හැටියට මේ දේවල් කලේ කොහොමද කියලා හිතාගන්න බැහැ

01 September 2021

ගැහැනියක් හැටියට මේ දේවල් කලේ කොහොමද කියලා හිතාගන්න බැහැ

දරුවන්ගේ තීරණවලට අතගහන්නේ නැහැ

පුතාට තියෙන්නේ නාමල්ගේම හඬ

වචනයකින්වත් උදව් නොකළ කෙනෙක් තමයි ප්‍රශ්න ඇති කළේ

කාලයක් පුංචි තිරයේ නොසිටි රුවන්ති මංගලා ආයෙමත් රංගනයට ඇවිල්ලා. ඒ ස්කෝලේ ටෙලිනාට්‍යයේ ජයමිනිගේ චරිතයට. කාලයක් නිහඬව සිට නැවතත් රංගනයට පැමිණි රුවන්තිත් එක්ක අපි පුංචි කතාබහක් කළා. කාලයක් පුංචි තිරයේ නොසිටි රුවන්ති මංගලා ආයෙමත් රංගනයට ඇවිල්ලා. ඒ ස්කෝලේ ටෙලිනාට්‍යයේ ජයමිනිගේ චරිතයට. කාලයක් නිහඬව සිට නැවතත් රංගනයට පැමිණි රුවන්තිත් එක්ක අපි පුංචි කතාබහක් කළා.

මේ දවස්වල නැවතත් පෙර මතකයනුත් මතුවෙන්න පටන් අරන් නේද?

මේ දවස්වල ඉස්කෝලෙ ටෙලිනාටය සහ රැහේ ටෙලිනාට්‍යයේ වැඩ කරනව. ඒ එක්කම මම රඟපාපු අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය දෙකක් වන අමා සහ උතුම් පැතුම් නැවත විකාශය වෙනවා. මේ දේවල්වලට ආයෙ ආයෙත් හොඳ ප්‍රතිචාර තියෙනවා.

කොහොම වුණත් රුවන්ති පහුගිය සමයේ ගත කලේ ඉතා නිහඬව නේද?

පහුගිය කාලෙ මම දේශපාලන සහ සමාජ සේවා කටයුතු කළ නිසා ගොඩක් නිර්මාණ බාර අරගෙන කාර්යබහුල නොවී ඉන්න උත්සාහ කළා කිව්වොත් නිවැරදියි. මොකද සමාජ සේවා කටයුතු විවිධ වැඩසටහන්වලට නිතර දුර බැහැර යන්න වෙනව එතකොට බාර අරගෙන තියෙන වැඩ නිසා ඒ කටයුතුවලට බාධා වෙනව. ඒත් මම වැඩ නොකර හිටියෙත් නැහැ ලැබෙන වැඩ තෝරාබේරාගෙන කළා.

රුවන්ති හැබෑ ජීවිතයේත් අපි නිතර තිරයේ දකින ආදරණීය පෙම්බර අම්මාම ද?

හැබැ ජිවිතයෙදිත් එහෙමමයි කියන්නම බැහැ හැබැයි. මම මගේ දරුවන්ට ලොකුවට නීති දාන්න සැර කරන්න යන්නෙ නැහැ. එයාල කැමති තිරණ ගන්න නිදහස දීලා තියෙනව. කොහොම වුණත් මට ගොඩක් ලැබෙන චරිතත් ඔබ ඔය පවසන ආකාරයේ ඉවසන ආදරණීය අහිංසක අම්මගේ චරිත තමයි.

රුවන්තිගෙයි නාමල්ගෙයි දුවයි පුතයි කලාවට එන්න හිතක් නැද්ද?

මේ වෙත්දි ඒ දෙන්නම උස්ස පෙළ කරලා ඉන්නෙ. පුතා වැඩිදුර අධ්‍යාපනය හා රැකියාවක් කරන්න විදෙස් ගතවෙන්න හිටියෙ. කොරෝනා ප්‍රශ්නත් එක්ක ඒක කල් ගිහින් තියෙන්නෙ පුතාට තියෙන්නෙත් නාමල්ගෙ හඬමයි. පුතාට හොඳට ගී ගයන්න පුළුවන්. මෑතකදි පුතා ගීතයකුත් කළා. දුවටත් රංගනයට ගොඩක් ඇරයුම් ලැබුණා. නමුත් පුතා වෘත්තිය මට්ටමෙන් ගායකයෙක් වෙන්නවත් දුව රඟපාන්න එන්නවත් කැමැත්තක් නැහැ. දුවයි පුතයි වෘත්තීය මට්ටමෙන් කලාවට එන එකක් නැහැ. අපි දෙන්නම කලාවේ ඉන්න නිසා මමයි නාමලුයි කැමතියි එයාල කලාවට යොමු වෙනව නම් එත් එයාලගෙ කැමැත්තට ඉඩදීලා තියෙන්නෙ. පුතා නම් වෘත්තියක් කරන අතර විනෝදාංශයක් හැටියට ගායන කටයුතු කරගෙන යන්න අදහසක් තියෙනව.

නාමල්ගෙ කලා කටයුතු සහ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය කොහොමද?

පහුගිය කාලේ නම් ප්‍රසංග ගොඩක් තිබුණා. නාමල් සුවපත් වෙලා හිටි නිසා ඒ ප්‍රසංගවලට සහභාගි වුණා. ඒත් අපේ රටට කොරෝනා ආවත් එක්ක ප්‍රසංග අඩුවෙලා ගියානෙ. දැන්නම් ප්‍රසංග නැති තරම් මේ දවස්වල එයා ගෙදර ඉන්න අතර එයාගෙ පරණ ගීත අලුතින් පටිගත කරගෙන යනවා. සැත්කම කරලා දැන් අවුරුදු හයක් විතර වෙනවනේ ඒ නිසා එයා සාමාන්‍ය විදිහට ඉන්නවා. ඒ අතර නාමල්ට ජීවිත කාලෙම ගතයුතු ප්‍රතිකාර වෛද්‍යවරු නියම කරලා තියෙනවා. ඒ ඖෂධ ලබාගන්නවා.

නාමල්ගෙ අසනිපයත් එක්ක ගෙවූ අතිතය ගැන මොකද හිතෙන්නෙ?

වෙලාවකට ඒ ගැන මතක් කරන කොට මම මේ දෙවල් කරාද කියල හිතෙනව. ඒක පුදුමාකාර දුෂ්කර කාලයක් නාමල් හොඳටම අසනිප වෙලා එයාව බලන්නත් ඕන. මම බාරගත්ත නිර්මාණවල රඟපාන්නත් ඕන. අපේ දරුවො දෙන්න උස්ස පෙළ කරනව එයාලව බලන්නත් ඕන. ගෙදර වැඩ කරන්නත් ඕන. නාමල්ගෙ අසනිපයේ ප්‍රතිකාර ගැන බලාගන්නත් ඕන. එය හැමදේම නිමක් නැතිව කළා. ඔය කාලයේම මගේ අම්ම නැතිවෙනව. අද හිතෙනව ගැහැනියක් වෙලා කොහොමද මේවා සේරම දරාගත්තෙ කියලා.

ඔය කාලෙ බාහිර සමාජයත් ප්‍රශ්න ඇතිකළා නේද?

ඔව්. ඒක තමයි කිව්වේ ඒ හැම දෙයක් ගැනම මට කල්පනා කරන්න වුණා. සැත්කම කරන දවස්වල ඉඳන් අපිට ප්‍රශ්න ආවා. ඒත් මම ඒවා කාටවත් කිව්වෙ නැහැ. අපිට උදව්වක් කරන්න ආපු කෙනා ගැනත් හිතන්න ඕනනෙ කියල තනියම මම හැමදේම දරාගත්තා. ඔක්කොම කරලා අවුරුදු තුනකට පස්සෙ නොහිතපු විදිහට ප්‍රශ්නයක් ඇතිකළා. නාමල් අසනිප වුණ වෙලාවේ අපි ගැන වචනයකින් සොයා බැලුව නැති කෙනෙක් මෙහෙම කලේ කොහොමද කියල අදටත් හිතාගන්න බැහැ. නාමල් ඒ ප්‍රශ්නෙ නිසා ගොඩක් කම්පා වුණා.

බොහෝ දෙනා අසනීපය නිසා නාමල්ගෙ ජිවිතය අස්ථිර තැනක තියලා නේද වැඩ කළේ?

ගොඩක් අය එහෙම කිව්වා. නාමල් වුණත් කිව්වෙ මෙච්චර දෙයක් ඔයා තනියම කරන්නෙ කාහොමද. මම කොහොමත් මැරෙනවනෙ කියලයි. ඔයාට මැරෙන්න දෙන්න බැහැ. අපේ දරුවන්ට තාත්තා කෙනෙක් ඕන. ඔයා ජීවත් වෙන්න ඕන. කියල එයාගෙ හිත හදලා. මම හිතුවා කොහොම හරි මම ඔයාව ජීවත් කරනව කියලා. අද නාමල් කියන්නෙ ඔයා නිසයි මම ජීවත් වෙන්නෙ කියල කියක්දී මට මගේ ශක්තිය ගැන ලොකු හැඟීමක් ඇතිවෙනවා. ඇත්තටම මගේ ධෛර්ය නොතිබුණා නම් මේ දේවල් වෙනස් වෙන්නත් තිබුණා. ධම්මිකා සුරංජි පතිරණ  
 

More News..