brand logo

ගැබිනි මව්වරුන්ට එන්නත ගැහුවාම වෙන දේ

26 September 2021

නවතම අධ්‍යයන වාර්තාවකින් එළියට

කොවිඩ් එන්නත් ලබාගත් ගැබිනි මව්වරුන්ගෙන් දරුවන්ට කොවිඩ් මර්දන ප්‍රතිදේහ සම්ප්‍රේෂණය වීම 100%ක් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එම්.ආර්.එන්.ඒ. ගණයට අයත් කොවිඩ් මර්දන එන්නත් ඊට ඉහළ ඵලදායිතාවක් පෙන්වන බවයි. ප්‍රසව හා නාරිවේදය සම්බන්ධයෙන් වන අමෙරිකානු සඟරාවක් සිදුකළ නවතම අධ්‍යයනයකින් අනාවරණ වී ඇත්තේ අලුත උපන් බිළිඳුන් කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා කර ගැනීමටනම් ගැබිනි මව්වරුන් කොවිඩ් එන්නත් ලබාගත යුතු බවයි. ඵඍභ් ගණයට අයත් කොවිඩ් මර්දන එන්නත් ලබාගත් කාන්තාවන් 36 දෙනෙක් යොදාගෙන ඔවුන් මෙම අධ්‍යයනය සිදුකර තිබුණා. එහිදී වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ අධ්‍යයනයට භාජනය වූ එම කාන්තාවන් සියල්ලන්ගේම බිළිඳන් පූර්ණ වශයෙන් කොවිඩ් වෛරසයට එරෙහි ප්‍රතිදේහ සහිතව උපත ලබාඇති බවයි. අදාළ ගැබිනි මව්වරුන් සියලුදෙනා සති 8ත් 12ත් අතර කාලසීමාවේදී මොඩර්නා හෝ ෆයිසර් මාත්‍රා ද්විත්වයම ලබාගෙන තිබුණා. එන්නත් මඟින් ශරීරයේ ප්‍රතිදේහ මට්ටම ඉහළ නංවාලීමට වඩා උපතේදීම ඉහළ ප්‍රතිදේහ මට්ටමක් හිමි වීම වෛරසයෙන් ආරක්ෂා වීම තවත් ශක්තිමත් කරන බවයි අධ්‍යයන වාර්තාව පෙන්වා දෙන්නේ.
 

More News..