brand logo

ගැබිණි කත සේවය කළ ඇඟලුම්හලේ සේවකයින් PCR පරීක්ෂණයට

08 October 2020

කොවිඩ් -19 ආසාදිත ගැබිණි කාන්තාව සේවය කළ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවකයින් පිරිසක් PCR පරික්ෂණ සඳහා යොමු කර තිබේ. කෝට්ටේ වැලිකඩවත්ත ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මෙම කාන්තාව සේවය කර තිබෙන අතර ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ(07) වාර්ථා විය. ඇය සේවය කරන කර්මාන්ත ශාලාව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවට සැපයුම් සිදුකරන ආයතනයක් බව සුදත් සමරවීර මහතා පැවැසීය. අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 27 දෙනෙකුගේ PCR පරික්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බව කෝට්ටේ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි, වෛද්‍ය මනෝජ් රුද්‍රිගෝ මහතා පවසයි.
 

More News..