brand logo

ගැටුම්කාරී සිද්ධීන්ට සම්බන්ධ 31ක් අත්අඩංගුවට

15 May 2019

හලාවත කොස්වත්ත පොලිස් වසම තුළ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී​ සිද්ධීන්ට සම්බන්ධව ප්‍රශ්නකිරීම සදහා අද (15) පෙරවරු වනවිට පුද්ගලයින් 31 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි. විශේෂ පරීක්ෂණයක් කර වාර්තාවක් ලබා ගැනීම පිණිස වෙන්නප්පුව පොලිස් අධිකාරි සහ හලාවත සහකාර පොලිස් අධිකාරි මහත්වරුන්ගේ සමන්විත කමිටුවක් පත් කර ඇත.‍ එම කමිටුව සිදුවිම් සම්බන්ධයෙන් සිදු කළ සොයා බැලීම් වලදී ඊට සම්බන්ධ වූ බවට සැකයෙන් මෙම 31 දෙනා අත්අඩංගුවට ගැණිනි. සිද්ධියෙන් එක් පුද්ගලයකු මිය ගොස් තවත් පුද්ගලයෙක් තුවාල ලබා තිබු අතර නිවාස 6කට හානි සිදුවී තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අද (15) මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 

More News..