brand logo

ගැටුමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12දෙනා 13වනදා දක්වා රිමාන්ඩ්

11 January 2020

කොළඹ විශ්වවිද්‍යාලයේ දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 12දෙනා එළඹෙන 13වනදා දක්වා රක්ෂිත බනධනාගාරගත කර ඇත. එම සිසුන් අද (11) අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමේන් අනතුරුව මෙලෙස රක්ෂිත බනධනාගාරගත කර ඇත. පසුගිය 08 වනදා කොළඹ විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් ජාතික රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඔවුන් දෙදෙනා මේ වන විටත් ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
 

More News..