brand logo

ගැටළු නැති ඉඩම්වලට මාස 03න් ඔප්පු

02 September 2020

ජනතාව භුක්ති විඳිමින් සිටින ගැටළු නැති ඉඩම් සඳහා මාස 03ක් ඇතුළත නිරවුල් ඔප්පු දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් දෙයි. ඉඩම් ඔප්පු නොතිබීම දිවයින පුරා චාරිකා කළ තමාට දිස්ත්‍රික්ක රැසක ජනතාවගෙන් ඉදිරිපත් වූ ප්‍රධානතම ගැටළුවක් බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. පරම්පරා ගණනක් පදිංචිව සිටියද,වගා කටයුතු කළද ඔප්පු නොමැති වීමෙන් ඔවුන් දැඩි පීඩාවට ලක්ව ඇතැයි ජනාධිපතිතුමා කියා සිටී.ප්ර ශ්නය විසඳීමට රටට සහ ආර්ථික ප්රාතිපත්තියට ගැලපෙන ආකාරයට ඉඩම් ප්රාතිපත්තිය සංශෝධනය විය යුතු යැයි ජනාධිපතිතුමා අවධාරණය කළේය. අද (02)දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති ඉඩම් කළමනාකරණ කටයුතු,රාජ්යල ව්යා පාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ. ඉඩම් ඔප්පු නොතිබීමෙන් ජනතාව දැඩි අපහසුතාවටත්,සංවර්ධනය දැවැන්ත පසුබෑමකටත් ලක්ව තිබේ.කෘෂි ආර්ථික රටාවක් ගොඩනැගීමේදී ඉඩම් පරිහරණ ප්රමතිපත්තිය ඉතා වැදගත් බවද ජනාධිපතිතුමා කියා සිටියේය. බදු දී ඇති ඉඩම් සංවර්ධනය කිරීමෙන් පසු ඉඩම් ප්ර්තිසංස්කරණ කොමිෂන් සභාව හෝ ඉඩම් අයත් ආයතන හෝ ඒවා වෙනත් පාර්ශ්වයන්ට පැවරීමද වගාකරුවන් මුහුණ දී ඇති තවත් ගැටළුවකි.එවැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ නොතබන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් වගාවට නොගත් ඉඩම් සුදුසු වගාවන් සඳහා භාවිතා කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා තරුණ ව්‍යවසායකයන්ට ඒවා බදු දීමෙන් ජාතික ආර්ථිකයට දායක කරගත හැකි බව පැවසීය. විවිධ රජයන් යටතේ ජනාධිපතිවරු ජනතාවට ඉඩම් බලපත්ර ප්රවදානය කළහ.එහෙත් පසුකාලීනව බැංකු ණයක් හෝ ආර්ථික ඒකක බවට එම ඉඩම් පත් කරගැනීමේදී ගැටළු රැසකට ජනතාව මුහුණ පා ඇතැයි ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. විදේශ ආයෝජකයන්ට ඉඩම් දීමේදී ණය සහ සෙසු පහසුකම් සලසා ගත හැකි පරිදි ගිවිසුම් අත්සන් තැබේ. ඉදිරියේදී ඒ ආකාරයට ජනතාවට ද එවැනි පහසුකම් ගතහැකි පරිදි ඔප්පු සකස් කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා අවධාරණය කළේය. බදු පදනම මත ඉඩමක නිරවුල්භාවය ගැනීමට ආයතන 20කට අධික සංඛ්‍යාවක අනුමැතිය ගැනීමට ජනතාවට සිදුවේ.ඒ සඳහා වසර ගණනාවක් ගතවන බව අනාවරණය විය.මෙවැනි තත්ත්වයන්ට ඉඩ නොතබා සරල කොන්දේසි වලට යටත්ව ඉඩම්වල නිරවුල්භාවය දීමට පියවර ගන්නැයිද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය. අනුමැතිය සඳහා රාජ්ය ආයතනයකට යොමුකරන ඉල්ලීමකට දින 14ක් ඇතුළත පිළිතුරු දීමට අවශ්යත පසුබිම රාජ්‍ය යාන්ත්‍රණය තුළ සකස් විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
 

More News..