brand logo

ගාස්තුත් වැඩි කරගෙන පොලුත් පටවාගෙන බස් ටික රජ ගමනේ

18 January 2021

ආසන ගණනට පමණක් මගීන් ගෙනයාම සඳහා බස් හිමියන් විසින් කළ ඉල්ලීමට අනුව බස් ගාස්තු වැඩිකළත් බොහෝ අවස්තාවලදී පොල්පටවනවා වගේ බස්වල මගීන් පටවාගෙන යෑම බොහෝ අවස්තාවල දක්නට ලැබේ. මේ පසුගිය සිකුරාදා(16) දින 122 බස් මාර්ගයේ ගමන් ගත් පෞද්ගලික බස් රථයක අධික ලෙසින් මගීන් පටවාගෙන යන ආකාරයයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට ගත් ආරක්ෂක විධිවිධානයක් ලෙස ආසන ගණනට පමණක් මගීන් ප්‍රවාහනයට නිර්දේශ නිකුත් කර ගාස්තුද වැඩි කර තිබියදී මෙලෙස ඒ නියමයන් කඩ කරමින් බොහෝ බස් සේවකයින් කටයුතු කරන අයුරු පෙනේ. මේ සම්බන්ධයෙන්  මගීන් සිය විරෝධය පාන නමුත් බස් සේවකයින් ඒ පිළිබඳ තැකීමක් නොකරන අතර ප්‍රවාහන බලධාරීන් හා පොලිසිය ද මේ ගැන අවධානයක් යොමු කරන බවක් ද නොපෙනේ. ඔබ ගමන් ගන්නා බසයේ මෙම ක්‍රියාව වන්නේ නම් එය නීති විරෝධී ක්‍රියාවකි. ඊට එරෙහි වීමට ඔබට අයිතියක් ඇත. මෙවැනි අවස්තා ඔබේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර අදාල බස් රථයේ අංකයත් සමග අපට WhatsApp කරන්න. (074 -1136744 ) https://www.youtube.com/watch?fbclid=IwAR2riCWOvnjS6BSzqnC33I2JpklWiVOdPYwWpMuvdL5Ks0q7Mca8M75DNNw&v=nphgvzEv3xQ&feature=youtu.be
 

More News..