brand logo

ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වැසේ

19 August 2019

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුම අසලින් තාවකාලිකව වසා දමා ඇත. මෙම විරෝධතාව සඳහා රණවිරු පවුල්වල සාමාජිකයන් සහ ආබාධිත රණවිරුවන් පිරිසක් එක්ව සිටින අතර සිය වැටුප් විෂමතාවන් සම්බන්ධ ගැටළුවලට රජය පොරොන්දු වූ පරිදි විසඳුම් ලබා නොදීමට එරෙහිව මෙම විරෝධතා පා ගමන පැවැත්වෙන බව වාර්තා වෙයි.
 

More News..