brand logo

ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරින් රැසකට ස්ථාන මාරු

03 September 2019

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන නිලධාරින් 423 දෙනෙකුට ස්ථාන මාරුවිම් ලැබි ඇති බවට දැන ගැනිමට ඇත. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාල වල සේවය කල සංවර්ධන නිලධාරින්ට මෙසේ ස්ථාන මාරුවිම් ලැබි ඇති බවයි අනාවරණය වන්නේ. මෙම ස්ථාන මාරුවිම් අනුව කරන්දෙණිය ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 49 දෙනෙකුටද, ඇල්පිටිය ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 48 දෙනෙකුටද, අක්මිමණ ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 42 දෙනෙකුටද, හබරාදුව ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 34 දෙනෙකුටද, අම්බලන්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 30 දෙනෙකුටද, නාගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 21 දෙනෙකුටද,බලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 20 දෙනෙකුටද,හික්කඩුව ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 14 දෙනෙකුටද, නියාගම ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 14 දෙනෙකුටද, තවලම ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 13 දෙනෙකුටද, ගෝනපිනුවල ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 13 දෙනෙකුටද, කඩවත්සතර ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලදාරින් 12 දෙනෙකුටද, බෝපේ පෝද්දල ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 12 දෙනෙකුටද, බෙන්තර ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 11 දෙනෙකුටද, යක්කලමුල්ල ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 11 දෙනෙකුටද, නෙළුව ප්‍රාදේශිය ලේකම් කාර්ය්‍යාලයේ සේවය කල සංවර්ධන නිලධාරින් 02 දෙනෙකුටද,මෙසේ ස්ථාන මාරුවිම් ලැබි ඇති බව වාර්ථා වේ. සමන් දේවප්‍රිය
 

More News..