brand logo

ලංකාවේ පැරණිතම තැපැල් ගොඩනැගිල්ල අද හැන්දෑවේ කඩා වැටෙයි

11 December 2018

ලංකාවේ පැරණිතම තැපැල් කාර්යාලය කඩා වැටෙයි. අද 11 දින හැන්දෑවේ මෙය සිදුවිය. මෙම ගොඩනැගිල්ලේ කොටසක් කඩාගෙන බිම වැටී ඇති අතර, ඒ අසල නතර කර තිබු තිරෝද රථයක්ද යටකරගෙන මෙම ගොඩනැගිල්ලේ ගොටසක් පාරට කඩා වැටී ඇත. ගාල්ල කොටුව තුල පවතින තැපැල් කාර්යාලය ලංකාවේ පැරණිතම තැපැල් කාර්යාල 5න් එකක් වන බවත් ඒවා සංවර්ධනය කිරීමට අවශ්‍ය නම් තැපැල් දෙපාර්තමේන්තුව හරහා මෙය සිදු කළ හැකිව තිබිනි. පසුගිය යහපාලන ආණ්ඩුව යුගයේදි මෙම තැපැල් කාර්යාලය සංචාරක ව්‍යාපාරයට කියමින් විකුනන්නට පියවරගෙන තිබිණි. මහනුවර, නුවරඑළිය සහ ගාල්ල කොටුවේ පිහිටි ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් තැපැල් දෙපාර්තමේන්තුව සතු වටිනා ගොඩනැගිලි කිහිපයක් පෞද්ගලික අංශය සඳහා හෝටල් ඉදිකිරීමට විකුණා දැමීමේ ආණ්ඩුවේ සැලසුමක් පවතින බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. සුනෙත් ගාල්ලගේ  
 

More News..