brand logo

ගාල්ලේ පාසල් සිසුවියකට කොවිඩ්

22 April 2021

ගාල්ල නගරයේ ප්‍රසිද්ධ බාලිකා පාසලක උසස් පෙළ සිසුවියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා සඳහන් කරයි. සිංහල අලුත් අවුරුද්ද හේතුවෙන් අදාල සිසුවියගේ නිවසට කොළඹ සිට පැමිණි ඥාතියෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. එම නිසා සිසුවිය ඇතුළු පවුලේ සාමාජිකයින් පී.සී.ආර් පරීක්ෂණයට භාජනය කර ඇති අතර එම වාර්තා අනුව සිසුවියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව හඳුනා ගෙන ඇත. සිසුවිය ඉගෙනුම ලැබූ පන්තිය වසා දමා ඇති අතර ඇයගේ ආශ්‍රිතයින් 24දෙනෙකු නිරෝධායනයට යොමු කර ඇති බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
 

More News..