brand logo

ගාල්ලේ පාසලක පන්තිකාමර 2ක් වැසේ

19 February 2021

ගාල්ල කලේගානේ පාසලක ඉගෙනුම ලබන දරුවන් දෙදෙනකුගේ පියා කොරෝනා ආසාදිත වීම හේතුවෙන් එම පාසලේ පන්තිකාමර දෙකක් අද (19) වසා දමා ඇති බව වාර්තා වේ. මෙලෙස වසා දමා ඇත්තේ 01 වැනි ශ්‍රේණිය හා 05 වැනි ශ්‍රේණියයි. ආසාදිත පුද්ගලයා මාතර යටියන ප්‍රදේශයේ රජයේ කාර්යාලයක නිලධාරියෙක් වන අතර අහඹු ලෙස සිදු කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයකින් ඔහු ආසාදිත බව තහවුරු වී ඇත. ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ මේ පිළිබඳව විදුහලට දැනුම් දී ඇත. එම දරුවන් දෙදෙනා පෙරේදා (17) පාසලට පැමිණ ඇති බැවින් අද (19) පාසලට පැමිණි එම පන්ති‍ දෙකෙහි සිසුන් ආපසු හරවා යවා පන්ති දෙකෙහි ගුරුවරුන් සහ එම දරුවන් දෙදෙනාගේ ආශ්‍රිතයන් වූ අනෙක් සිසු සිසුවියන්ට ද නිවෙස්වලම සිටින ලෙස උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
 

More News..