brand logo

ගාල්ලේ තවත් දසදෙනෙකුට කොරෝනා

11 November 2020

ගාල්ල, කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ අද (11) තවත් කොවිඩ්-19 ආසාදිතයින් දසදෙනෙකු හදුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආසාදිතයින් අතර පිරිමි ළමුන් දෙදෙනෙකු ඇතුළු පිරිමි පුද්ගලයින් 05දෙනෙක් හා කාන්තාවන් 05දෙනෙකු ද සිටින බව කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය සදහන් කරයි. ඔවුන් සියලුදෙනා රෝහල් වෙත යැවීමට කටයුතු සිදුකර තිබේ. එම ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සොයා නිරෝධායනයට යොමු කර ඇත.
 

More News..