brand logo

ගාල්ලේ කර්මාන්ත ශාලාවක සේවිකාවන් 17කට කොරෝනා

05 May 2021

ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් 17දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එච්.බි.පි ගුණවර්ධන මහතා පැවසුවේ පසුගිය 25 වැනිදා සිට මේ දක්වා කාලය තුළ මෙම ආසාදිතයින් පිරිස වාර්තා වූ බවයි. එම ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පිරිසක් පසුගිය දිනෙක පෙ$ද්ගලික රෝහලකින් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පැවසීය. ආසාදිතයින් වාර්තා එම කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 600දෙනෙකු පමණ සේවය කරයි.
 

More News..