brand logo

ගාල්ලේ එන්නත් කොළඹට දුන්න ලොකු දොස්තරලා දෙන්නෙක් දොට්ට

09 June 2021

ගාල්ලේ සිදු වූ අයථා එන්නත්කරණය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකළ මූලික පරික්ෂණයේ ප්‍රතිඵලයක් ලෙස ගාල්ල ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා හා ප්‍රාදේශිය වසංගත රෝග අධ්‍යක්ෂවරයා වහාම එම තනතුරුවලින් ඉවත් කර ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. සංචරණ සීමා පවා නොතකමින් කොළඹින් විශාල පිරිසක් ගාල්ලට පැමිණ කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබාගත් බවට රට පුරා මතුවු දැඩි ආන්දෝලනයත් සමග ඒ පිළිබඳ විශේෂ විමර්ශනයක් ආරම්භ කිරිමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

සබැඳි පුවත් -

  • කොළඹ කල්ලියක් ගාලු ගිහින් ජනතාව බලාසිටිය දී එන්නත විදගෙන - https://bit.ly/3pAbXxJ
  • ගාල්ලේ එන්නත් අවභාවිතය ගැන විමර්ශනයක් - https://bit.ly/3cr0wDa
 

More News..