brand logo

ගාල්ලේ එන්නත් අවභාවිතය ගැන විමර්ශනයක්

08 June 2021

ගාල්ල උණවටුන ප්‍රදේශයේ පැවති ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාගැනීමට බස්නාහිර පළාතේ පිරිසක් සහභාගී වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ඇරඹීමට උපදෙස් ලබාදී තිබේ. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරන්නේ ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකිරීමට උපදෙස් ලබාදුන් බවය. මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය සිදුවීම පිළිබඳ සොයා බැලීමට මේ වන විටත් ගාල්ල ප්‍රදේශයට ගොස් ඇතැයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි. ඒ අනුව වැඩසටහනට සහභාගීවු පිරිසට නීතියානූකූල හා විනයානූකූල ක්‍රියාමාර්ග ගන්නා බවත් චන්න ජයසුමන මහතා සඳහන් කරයි.
 

More News..