brand logo

ගාල්ලේ ඇඟලුම් ආයතනයකින් කොවිඩ් ආසාදිතයන් පිරිසක්

27 December 2020

  ගාල්ලේ පිහිටි ඇඟළුම් නිෂ්පාදන ආයතනයකින් කොවිඩ් ආසාදිතයන් 09 දෙනෙකු හඳුනා ගෙන තිබෙන බව ගාල්ල නාගරික සෞඛ්‍ය අංශය සඳහන් කරනවා. එම ආයතනයේ සේවය කරන මිලිද්දුව ප්‍රදේශයේ කාන්තාවක කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීම නිසා එම කාන්තාවගේ ආශ්‍රිතයන් PCR පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා. අනතුරුව මේ වනවිට සේවකයන් 09 දෙනකු ආසාදිත බව තහවුරුවී ඇත. හඳුනාගත් ආසාදිතයන් 09දෙනා ගෙන් 6ක් ම ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පදිංචි කරුවන් අතර තිදෙනෙක් වෙනත් ප්‍රදේශවල පදිංචි කරුවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. ආසාදිතයන් 09 දෙනාම රෝහල්ගත කර එම ඇඟළුම් ආයතනය වසා දැමූ බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පුද්ගලයෙක් සඳහන් කර තිබේ.
 

More News..