brand logo

ගාල්ලෙන් කොළඹට ලකුණු 337ක අභියෝගයක්

11 April 2019

සුපිරි පළාත් පන්දුවාර 50 එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් ගාල්ල කණ්ඩායම ලකුණු 337ක් රැස්කර ගැනීමට සමත්ව තිබේ. කාසියේ වාසිය දිනාගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුළු 7ක් පමණක් දැවී ලකුණු 337ක් රැස්කර ගත්තේය. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් ලහිරු තිරිමාන්න ලකුණු 115ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට එක් හයේ පහරක් සහ හතරේ පහර 9ක් ද ඇතුළත් වේ. ඊට අමතරව වනිදු හසරංග ලකුණු 87ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේදී සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, සීකුගේ ප්‍රසන්න සහ චාමික කරුණාරත්න එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය. ඒ අනුව මෙම තරගය ජය ගැනීම සදහා කොළඹ කණ්ඩායම ලකුණු 338ක් ලබාගත යුතුවේ. https://youtu.be/uxDb1znNuAw
 

More News..