brand logo

ගාල්ලට යවපු 15කටත් කොරෝනා

06 October 2020

දිවුලපිටිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත කාන්තාවගේ සමිපතමයින් නිරෝධායනයට යොමුකර සිටින, හබරාදුව නිල පියස නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටින තවත් 15කට කොරෝනා ආසාදනය වි ඇති බවට තහවුරු කරගෙන ඇත. මේ බව අද (6) ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරනවා. කොළඹදි P.C.R පරික්ෂණයට යොමු කිරිමෙන් පසු එම කාන්තාවගේ සමිපතමයින් 55ක් ඊයේ (05) හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානයට ගෙන එනු ලැබුවා. එම පී.සි.ආර්.පරික්ෂණ වාර්තා අනුව මෙම 15ට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත. මෙම 15 දෙනා ඉරණවිල රෝහල වෙත ගෙන යාමට නියමිත බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරනවා.
 

More News..