brand logo

ගාල්ලට ආ ග්‍රීකයන් දෙදෙනකුටත් කොරෝනා

20 November 2020

ගාල්ල දෙවට ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටි ග්‍රීක ජාතිකයින් දෙදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනයවී ඇති බවට තහවුරුවී ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ. සිංගාරච්චි පවසයි. මෙම ග්‍රීක ජාතිකයින් දෙදෙනා නෞකා දෙකකින් ඉකුත් 17 වැනිදින ගාලුවරායෙන් මෙරටට පැමිණ ඇති අතර එදිනම පී.සී.ආර් පරීක්ෂණවලට ලක්කොට ඇත. පී.සී.ආර් පරික්ෂණවලට ලක් කිරීමෙන් පසු මෙකී මුහුදු ආරක්ෂකයින් දෙදෙනා මෙම හෝටලයේ නිරෝධායනය වෙමින් සිට තිබේ. පී.සී.ආර්. පරික්ෂණ වාර්තාවල ප්‍රතිඵල පෙරේදා (18 වැනිදා) රාත්‍රි ලැබී ඇති අතර එයින් මෙම දෙදෙනාට වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මොවුන් දෙදෙනා සමග තවත් මුහුදු ආරක්ෂකයින් හතර දෙනෙකු එදින ගාලුවරායෙන් ගොඩබැස ඇත. ග්‍රීක ජාතික මුහුදු ආරක්ෂකයින් දෙදෙනා හම්බන්තොට රෝහල වෙත පිටත්කර යැවීමට කටයුතු කළ බවද ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥවරයා පවසයි. එච්.එම්. සමන් - අක්මීමන
 

More News..