brand logo

ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්නගේ අවසන් කටයුතු ලබන 27දා

24 June 2019

අභාවප්‍රාප්ත ප්‍රවීන ගායන ශිල්පිනී ඉන්ද්‍රානි සේනාරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන 27දා සිදු කිරීමට නියමිතයි. ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට බොරැල්ල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ (23) දිනයේ ඇය අභාවප්‍රාප්ත වුණි. මිය යන විට 83 වැනි වියේ පසුවූ ඇය ප්‍රවීණ ගායන ශිල්පී අභාවප්‍රාප්ත සිසිර සේනාරත්නයන්ගේ ආදරණීය භාර්යාව වූ අතර දරුවන් තිදෙනෙකුගේ මවකි.
 

More News..