brand logo

ගායක අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මුදා හැරේ

24 April 2019

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගැනුණු ගායක අමල් පෙරේරා ඇතුළු තිදෙනෙකු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැර ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ පැය 24ක පමණ කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගුවන් තොටුපල ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව ඔවුන් තිදෙනා අද (24) පෙරවරුවේ මුදා හැර ඇති බව ය. අපරාධ කල්ලි නායක මාකදුරේ මධූෂ් විසින් ඩුබායිහි සංවිධානය කළ සාදයක් අතරතුර අත්අඩංගුවට පත් වූ ගායක අමල් පෙරේරා ඇතුළු 06 දෙනෙකු එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව ඊයේ (23) අළුයම මෙරටට පැමිණ තිබුණි. ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඒ අතර සිටි තිදෙනෙකු වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලිස් ස්ථානයට, කොළඹ අපරාධ කොට්ඨාශයට සහ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයට භාරදුන් බව පොලිසිය සඳහන් කළේය. ඔවුන්ට එරෙහිව මනුෂ්‍ය ඝාතන ඇතුළු චෝදනා එල්ල වී ඇති බව සඳහන්ය.
 

More News..