brand logo

ගාමන්ට් ෆැක්ට්‍රියේ අවුරුදු උත්සවයට ගිය 33කට කොවිඩ්

14 May 2021

නිරෝධායන නීති නොතකා අවුරුදු උත්සවයක් පැවැත්වූ කොලොන්න ප‍්‍රදේශයේ ඇඟලූම් කම්හලක සේවක සේවිකාවන් 33දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. සේවක සේවිකාවන් අතරින් 140 දෙනකුට සිදු කළ පී.සී.ආර් පරීක්‍ෂණවලින් 33කුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු කම්හල වසා දැමූ බව සෞඛ්‍ය බලධාරීහූ පවසයි. සේවක සේවිකාවන් අටසියයකට ආසන්න පිරිසක් මෙම ඇඟලුම් කම්හලේ සේවය කරයි. අවුරුදු උත්සවය පැවැත්වීමෙන් දින දහයකට පසු රෝගී තත්ත්වයකට ප‍්‍රතිකාර ගැනීමට ගම්පහ ප‍්‍රදේශයේ රෝහලකට ගිය එහි තත්ත්ව පරීක්‍ෂකවරයෙකුට කළ ඇන්ටිජන් පරීක්‍ෂණයකින් ආසාදිත බව තහවුරුව තිබේ. වසා දැමූ ඇඟලුම් කම්හල යළි මැයි 10දා විවෘත කරනු ලැබීය.
 

More News..