brand logo

ගානිය බැනිස්ටර් අධිකරණයට

30 December 2019

කොළඹදී පැහැර ගෙන තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාව වන ගානිය බැනිස්ටර් ෆ්‍රැන්සිස් බන්ධනාගාර නිලධාරින් විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ. නීතිපතිවරයාගේ උපදෙස් මත පසුගිය 16වනදා පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඇයව අත්අඩංගුවට ගනු ලැබුවේ රජය කෙරෙහි අපකීර්තියක් ඇති වන ආකාරයෙන් කටයුතු කිරීම සහ සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීම යන චෝදනා මතයි. ඉන් අනතුරුව ගානිය බැනිස්ටර් ෆ්‍රැන්සිස් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අදාළ කාන්තාව අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.
 

More News..