brand logo

ග්‍රාම නිලධාරීන් හමුවෙන්න වෙලාව දැනගෙන යන්න

02 October 2020

  රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව නියෝග අනුව ඊයේ (01 වැනිදා) සිට සිය රාජකාරි ආරම්භ කළ බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් අතුල සීලමන් ආරච්චි ‘අරුණ’ට පැවැසීය. ඊයේ (01 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි සතියේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා මෙන්ම සෙනසුරාදා වරුවක්ද අනිවාර්යයෙන්ම සිය කාර්යාවල රැඳී සිටිය යුතු බවට සියලුම ග්‍රාම නිලධාරීන්ට රාජ්‍ය සේවා අමාත්‍යාංශය පසුගිය 24 වැනිදා නියෝග කර තිබිණි. එම නියෝගයට අනුව සතියේ දින දෙකේ උදෑසන 8.30 සිට සවස 4.15 දක්වා සහ සෙනසුරාදා දහවල් 12.30 වනතුරුද ග්‍රාම නිලධාරීවරු සිය කාර්යාලවල සේවයේ නිරත විය යුතුය. එමෙන්ම ග්‍රාම නිලධාරීන් 360ක පුරප්පාඩු පවතින බවත්, 2019 වර්ෂයේ සිට මේ දක්වා පැවැති පුරප්පාඩු 1500න් පුරවා ඇත්තේ පුරප්පාඩු 1140ක් පමණක් බවත් අතුල සීලමන් ආරච්චි වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙන්නේ ග්‍රාම නිලධාරී වසම් 360 සඳහා නිලධාරීන් පත් නොකිරීම නිසා ඒවායේ පරිපාලන කටයුතු සඳහා ගැටලුවක් වී ඇති බවයි. මේ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල එක් ග්‍රාම නිලධාරිවරයකුට වසම් කිහිපයක රාජකාරි කටයුතු කිරීමට සිදුවන බවද හෙතම කීවේය. චාමර පල්ලේගෙදර
 

More News..