brand logo

ග්‍රාම නිලධාරි සහතිකයෙන් ප්‍රා.ලේකම්ගේ අත්සන හැලේ

07 February 2020

ග්‍රාම නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන පදිංචි හා චරිත සහතිකවල වලංගුතාව තහවුරු කිරීමට ප්‍රාදේශීය ලේකම්ගේ අනු අත්සන යෙදීමේ අවශ්‍යතාව ඉවත් කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය තීරණය කර ඇත. එළැඹෙන සඳුදා (10 වැනිදා) සිට මෙම තීරණය ක්‍රියාත්මක කෙරේ.
අමාත්‍යංශ ලේකම් එස්. හෙට්ටිආරච්චි මේ පිළිබඳව දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර ඇත. ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් ග්‍රාම නිලධාරීන් වෙත DS 4 සහතික පොත් නිකුත් කිරීමේදී ග්‍රාම නිලධාරී කොට්ඨාසය සඳහන් මුද්‍රාව තැබීමෙන් අනතුරුව පමණක් එම පොත් ග්‍රාම නිලධාරීන් වෙත නිකුත් කළ යුතු බවද චක්‍රලේඛයේ සඳහන් වෙයි. ඒ සඳහා ග්‍රාමනිලධාරීන් නිල මුද්‍රාවක් භාවිත කළ යුතුය.
 

More News..