brand logo

ග්‍රාමීය ගොවි ජනතාව වාර්ෂිකව සවිබල ගන්වන ක්‍රිස්බ්‍රෝ දිරිසවිය සම්මාන උළෙල

24 November 2019

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගම ඔවුන් සමග සම්බන්ධ වී කටයුතු කරන සුළු පරිමාණයේ බඩඉරිඟු සහ කුකුළු ගොවි ජනතාව වාර්ෂිකව ඇගයීමට හා ඔවුන් සවිබල ගන්වනු පිණිස සංවිධානය කරන ක්‍රිස්බ්‍රෝ දිරිසවිය සම්මාන උළෙල මෙවරද දිවයිනේ විවිධ පළාත් තුනකදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. ක්‍රිස්බ්‍රෝ දිරිසවිය සම්මාන උළෙලේ පළමු අදියර ඔක්තෝම්බර් 22වන දින ඌව සහ බස්නාහිර පළාතේ විසිර සිටින බඩඉරිඟු සහ කුකුළු ගොවි ජනතාව කේන්ද්‍රගත කරගෙන පැවැති අතර ඔක්තෝබර් 24වන දින මධ්‍යම පළාතේ ගොවි ජනතාව සඳහාත්, උතුරුමැද පළාතේ බඩඉරිඟු සහ කුකුළු ගොවි ජනතාව සඳහා ඔක්තෝබර් 31වන දිනත් ක්‍රිස්බ්‍රෝ දිරිසවිය සම්මාන උළෙල පැවැත්විණ. මෙම සම්මාන උළෙලවලදී ඉෂාර මදුරංග මහතා ඌව සහ නැගෙනහිර පළාත්වල හොඳම ගොවිමහතා ලෙසත්, සුනේත්‍රා කුමාරි හතුරුසිංහ සහ එස්.එම් ජයතිලක පිළිවෙළින් මධ්‍යම සහ උතුරුමැද පළාත්වල හොඳම ගෙවිලියන් ලෙස සම්මානයට පාත්‍ර විය. ක්‍රිස්බ්‍රෝ දිරිසවිය සම්මාන උළෙල ක්‍රිස්බ්‍රෝ සමූහයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්‍ෂ මොහොමඩ් ඉමිතියාස් මහතාගේ සහ ඉහළ කළමනාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විණ. මෙහිදී සෑම පළාතක්ම ආවරණය වන පරිද්දෙන් ඉහළ දක්ෂතා දැක්වූ බඩඉරිඟු සහ කුකුළු ගොවියන් සම්මානයෙන් සහ මුදල් ත්‍යාගයෙන් ඇගයීමට ලක් කළ අතර මෙම අවස්ථාවට සහභාගී වූ සියලු ගොවි මහතුන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට වටිනා ත්‍යාග පිරිනමන ලදි.
 

More News..