brand logo

ගස් හෙළීමේ පනතට පොල් ගසත් ඇතුළත් කරන්න

03 April 2021

ගස් හෙළීමේ පනතට පොල් ගස ඇතුළත් කළයුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසයි. මේ සම්බන්ධයෙන් පසුගිය ආණ්ඩුව මෙන්ම වත්මන් ආණ්ඩුව කිහිප අවස්ථාවක දැනුවත් කළ ද නිසි විසඳුම් ලැබී නොමැති බව එහි කැඳවුම්කරු නාමල් කරුණාරත්න මහතා පවසයි. මෙරට පොල් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා වසරකට පොල් ගෙඩි මිලියන 3,700ක් අවශ්‍ය වන අතර මේ වනවිට මෙරට වාර්ෂික පොල් නිෂ්පාදනය මිලියන 2,400ත් 2,500ත් අතර අගයක් ගන්නා බව නාමල් කරුණාරත්න මහතා පවසයි. මීට ප්‍රධාන හේතුව කිසිදු අවසරයක් නොමැතිව පොල් ගස් කපා දැමීම බව ඔහු පවසයි. එම නිසා පොල් මෙන්ම පොල් ආශ්‍රිත නිෂ්පාදන ද මේ වනවිට ආනයනය කිරීමට සිදුවීම නිසා ජනතාව ගැටලු රැසකට මුහුණදී ඇති බව නාමල් කරුණාරත්න මහතා පෙන්වා දෙයි.
 

More News..