brand logo

ගස් දෙබලක හිරවී පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්වෙයි

14 February 2021

    ඇල්පිටිය පන්ගන්විල ප්‍රදේශයේදී ගසක් කැපීමට ගිය පුගලයකු ගසෙහි දෙබලකට සිරවීම නිසා ඊයේ (13) සවස ජිවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කරන්නේ ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචි රවී කුමාර නැමැති 29 හැවිරිදි තරුණයෙක් මෙලෙස ගස කැපීමට ගොස් දෙබලකට සිරවීම හේතුවෙන් මිය ගොස් තිබෙන බවයි. තරුණයා ගසේ අතු අතර හිරවීමෙන් පසු අසල්වාසීන් විසින් ඔහු ඉන් මුදා බිමට ගෙන ඇල්පිටිය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. කෙසේ නමුත් රෝහලේ දැඩි සත්කාර අංශයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගිය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා.
 

More News..