brand logo

ගසක් කඩා වැටීමෙන් හැටන් - කොළඹ මාර්ගයේ රථවාහන ධාවනයට බාධා

18 July 2019

හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය හරහා ගසක් කඩා වැටිම නිසා රථවාහන ධාවනයට බාධා ඇතිවි ඇති බව පොලිසිය පවසයී මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදෙශයට අද (18) අළුයම් කාලයේ සිට නොනැවති වැසි ඇද හැලෙමින් පවති.එමෙන් ප්‍රදේශයේ බොහෝ ස්ථාන ඝන මිදුමෙන් වැසී පැවතිම නිසා ප්‍රධාන මාර්ග වල රිය ධාවනය ද අසීරූ වී තිබේ. දියගල ප්‍රදේශයේ මාර්ගය හරහා ගස කඩා වැටිමත් සමග හැටන් සිට කොළඹ හා මහනුවර ප්‍රදේශ සදහා ගමන් ගන්නා වාහන ධාවනය මුළුමනින්ම ඇණ හිටින ලදී.එමෙනම දියගල ප්‍රදේශයේ ම තවත් ස්ථානයක මාර්ගය හරහා පස් කන්දක්ද කඩා වැටින.මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් විසින් ස්ථාන දෙකකෙම මාර්ග බාධක ඉවත් කරමින් ගමනා ගමන තත්ත්වය කඩිනමින් යතාතත්ත්වයට පත්කිරිම ට කටයුතු කරමින් සිටි. වර්ෂාවත් සමග පවතින මීදුම් තත්ත්වයත් සමග දැඩී ශිත දෙශගුණයක්ද පවතී. වංගු සහ බෑවුම් සහිත මාර්ගයේ රිය ධානවයේදී වඩාත් කල්පාකාරී වන පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියී. හැටන් - චන්දන ජයවීර
 

More News..