brand logo

ගව වෛරසය ගැන සොයන්න කමිටුවක්

08 January 2021

    දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගව වෛරස් රෝගය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සාමාජිකයන් 7කින් සමන්විත කමිටුවක් පත්කර තිබේ. පශු සම්පත්, ගොවිපළ ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත් මහතා විසින් එම කමිටුව පත්කර ඇති බව අමාත්‍යාංශය සඳහන් කරනවා. රෝග ව්‍යාප්තිය හා එය පාලනය කිරීම සඳහා ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම නැවත රෝගය වැළඳීම නතර කිරීම සඳහා පළාත් මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳව නිර්දේශ හා ඒවා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඇතුළත් වාර්තාවක් සතියක් තුළ ලබාදෙන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
 

More News..