brand logo

ගවයින්ටත් වසරක සහන කාලයක්

09 August 2018

වනජීවී කළාපවලට ගවයින් ඇතුල් කිරිම තහනමි කිරිමේ නියෝගය වසරක් කාලයක් දක්වා ඉවත් කිරිමට වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා තම සංගමය සමග පැවති සාකච්ඡාවේදී පොරොන්දු බව සමස්ථ ලංකා ගොවිජන සමිමේලනයේ කැවුමිකරු නාමල් කරුණාරත්න මහතා පැවසීය. වනජිවී කළාපවලට හා වන උදය්‍යනවලට කිරි ගවයින් ඇතුල් කිරිම තහනමි කිරිමට වනජිවී අමාත්‍යාංශය කටයුතු කිරිමත් සමග කිරිගොවින් දැඩි අසරණ තත්වයට පත්ව ගවයින් මසට විකිනිමට පෙළභි ඇත. රටපුරා කිරිගොවින් ලක්ෂ 5කට අසන්න ප‍්‍රමාණයක් ඇති අතර කිරි ගවයින් ලක්ෂ 13ක් පමණ සිටිති. ඒ අනුව අම්පාර, පොළොන්නරුව, හමිබන්තොට ,ති‍්‍රකුණාමලය, මොනරාගල, මඩකළපුව ආදි දිස්ති‍්‍රක්වල ඇති වනජිවි කළාපවල කිරි ගොවින් නඩත්තු කර ගැනිමට දැඩි ගැටළුවක් මේ නිසා ඇතිවී තිබේ. ඊට අදාළ නියෝගය ඉදිරි දින කිහිපයේ නිකුත් කිරිමට ඇමතිවරයා පොරොන්දුවු බව කරුණාරත්න මහතා සදහන් කළේය.
 

More News..