brand logo

‘ගලි බෝයි’ ෆිල්ම් ෆෙයාර් ආක්‍රමණය කරයි

22 February 2020

65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙල පසුගිය සෙනසුරාදා රාත්‍රියේ ඇසෑම්, ගුවහාටි හිදී පැවැත්වුණා. මේ සඳහා බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පීන් වන රන්විර් සිං, ආයුෂ්මන් කුරාණ, ආලියා භාත්, භූමි පද්නෙකර්, ටප්සි පන්නු, අනන්යා පාණ්ඩේ, වරුන් ධවාන්, කාර්තික් ආරියන්, විකී කෞෂාල්, කරන් ජොහාර් සහ තවත් බොහෝ දෙනෙක් රතු පලස සරසමින් උළෙල වර්ණවත් කළා. ආලියා භාට් සහ රන්වීර් සිං ඇතුළු ‘ගලි බෝයි‘ හි තරු රාශියක් සමස්ත සම්මානවලින් දහතුනකටම හිමිකම් කීමට සමත් වුණා. The Surgical Strike", Article 15 සහ War යන චිත්‍රපට සම්මාන තුන බැගින් දිනාගෙන දෙවැනි ස්ථානයට දිනා ගත්තා. මෙහිදී හොඳම චිත්‍රපටය වූ ‘ගලි බෝයි’ ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම විදෙස් චිත්‍රපටය සඳහා වූ නාමයෝජනාවල නිර්දේශ වූ එකම ඉන්දියානු චිත්‍රපටයයි. සෝයා අක්තාර්ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවූ ‘ගලි බෝයි‘ දකුණු කොරියාවේ බුකියොන් ජාත්‍යන්තර ෆැන්ටාස්ටික් සිනමා උළෙලේදී හොඳම ආසියානු චිත්‍රපටය සඳහා වූ නෙට්පැක් සම්මානය ඇතුළු සම්මාන රාශියක් දිනා ගැනීමට සමත් වුණා. නමුත්, මෙම චිත්‍රපටය 2019 වසරේදී ආදායම් වාර්තා තැබීමට සමත් වූ චිත්‍රපටයක් නම් නොවේ... කොහොම නමුත් ගලි බෝයි වසරේ වඩාත්ම කතාබහට ලක්වූ චිත්‍රපටය බවට පත්වුණා. ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ ජයග්‍රාහකයන් : හොඳම චිත්‍රපටය : සෝයා අක්තාර්ගේ ‘ගලි බෝයි‘ ජූරියේ හොඳම චිත්‍රපටය : Article 15 සහ Sonchiriya හොඳම අධ්‍යක්ෂ : ‘ගලි බෝයි’ හි සෝයා අක්තාර් හොඳම නිළිය : ‘ගලි බෝයි හි ආලියා භාත් හොඳම නළුවා : ‘ගලි බෝයි’ හි රන්වීර් සිං හොඳම සහාය නිළිය : ‘ගලි බෝයි‘ හි අම්රුතා සුභාෂ් හොඳම සහාය නළුවා : ‘ගලි බෝයි’ හි සිද්ධාන්ත් චතුර්වේදි හොඳම සංගීත ඇල්බමය : ගලි බෝයි සහ කබීර් සිං හොඳම පසුබිම් ගායකයා : Kalank හි අර්ජිත් සිං හොඳම පසුබිම් ගායිකාව : War හි ශිල්පා රාඕ හොඳම මුල් කතාව : Article 15 හොඳම තිර පිටපත : රිමා කගීති සහ සෝයා අක්තාර්ගේ ‘ගලි බෝයි‘ හොඳම ක්‍රියාදාම චිත්‍රපටය : අබ්බාස් ටිරෙවලගේ War   හර්ෂණී දිසානායක
 

More News..