brand logo

ගල් අඟුරු අළු වලට සිමෙන්ති සමාගම් පොරකයි

24 January 2021

    පසුගිය වසරේ ගල් අඟුරු දහනයෙන් අතුරු ඵලයක් ලෙස ලැබුණු අළු ප්‍රමාණය මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ තිස් තුන්දහස් එකසිය තිස් නවයක් (333,139) වූ අතර එයින් මෙට්‍රික් ටොන් තුන් ලක්ෂ හයදාස් එකසිය හතළිස් තුනක් (306,143) අලෙවි කරඇත. එසේ අලෙවිකල අළුවලින් රුපියල් මිලියන 717.2ක ආදායමක් ලැබී තිබේ. අළු මිලදී ගැනීම සම්බන්ධයෙන් ඉහළින්ම සිටින්නේ සිමෙන්ති සමාගම්ය. එක් සමාගමක් මෙට්‍රික් ටොන් හැත්තෑතුන්දහස් දෙසිය විස්සක අළු ප්‍රමාණයක් මිලදී ගෙන තිබේ. මීට අමරව තවත් සිමෙන්ති සමාගමක් අළු මෙට්‍රික් ටොන් 65300ක්ද මිලදී ගෙන ඇත. 2019 වර්ෂය තුළ අළු මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැත්තෑ නවදහස් හයසිය අනූ හතරක් (279,094) නිපද වී ඇති අතර එයින් අළු මෙට්‍රික් ටොන් දෙලක්ෂ හැට තුන්දහස් අනූ තුනක් (263,093) විකිණීමට හැකි වී තිබේ. එම වර්ෂයේ අළු විකිණීමෙන් ලැබූ සම්පූර්ණ ආදායම රුපියල් මිලියන 736.5 බව විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂන ජයවර්ධන පැවසීය. සාමාන්‍යයෙන් දෛනිකව අළු මෙට්‍රික් ටොන් 800ත් 900ත් අතර ප්‍රමාණයක් බලාගාරයෙන් නිපද වේ. ඒ අනුව නිපදවෙන අළු සෑම පැය තුනකට වරක් පරීක්ෂණාගාරයක් තුළ පරීක්ෂා කරනු ලැබේ. අළු ටොන් එකක් සිමෙන්ති නිෂ්පාදන සමාගම් මගින් රු. 3000ත් 4000ත් අතර මිල ගණන් යටතේ මිලදී ගනු ලැබේ. තවද 2011 වර්ෂයේ සිට මේ දක්වා විකිණීමට නොහැකිව ඉතිරි වී අංගනයට බැහැර කරන අළු පුද්ගලික ආයතන තුනක් වෙත ගඩොල් නිෂ්පාදනයට ලබාදීමට නියමිතය.
 

More News..