brand logo

ගල්ෆ් යුද්ධයට වසර තිහයි වන්දි දෙන්න දුන් මිලියන 3177 පැටව් ගහයි

01 February 2020

ගල්ෆ් යුද්ධය සිදුවී වසර තිහක් ගතව ඇතත් ඒ අවදියේ මැදපෙරදිග කලාපයේ රැකියාවන්වල නිරත වූ ශ්‍රී ලාංකිකයන්ට වන්දි ගෙවීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලබාදී තිබූ මුදල්වලින් රුපියල් මිලියන තුන්දහස් එකසිය හැත්තෑ හතක් (3177.56) අදාළ අරමුදල් ගිණුමේ තිබූ බව විගණනයේදී හෙළිවී තිබේ. 1990/1991 දී සිදුවූ ගල්ෆ් යුද්ධයේදී ජීවිත හානි රැකියා අහිමි වූවන්ට වන්දි ගෙවීමට එක්සත් ජාතීන්ගේ වන්දි කොමිසම මගින් මෙම මුදල් ලබාදී ඇත. 2018 වර්ෂය වන විට වන්දි ලෙස ගෙවීමට නියමිතව ඇත්තේ රුපියල් මිලියන දෙසීය පනස් එකක් (251.45)කි. එහෙත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය එම මුදල් නිරවුල් නොකර අදාළ මුදල ආයෝජනය කර රුපියල් මිලියන දෙදහස් නවසිය විසිහයක් (2926.10) ආදායමක් රැස් කර ගෙන ඇති බවද විගණනයේදි හෙළිවී තිබේ. චමින්ද සේනාරත්න
 

More News..