brand logo

ගලහ තරුණියකට කොරෝනා පොසිටිව්

07 October 2020

මිනුවන්ගොඩ ඇගලුම් කම්හලේ සේවය කළ ගලහ ලෙවලන් වත්ත මනිකට්ටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇත. කම්හලේ සේවය කළ තවත් තරුණියක්ද සමග පසුගිය දිනක ඇය තම ගම් ප්‍රදේශයට පැමිණ ඇති අතර ගලහ දක්වා බස් රථයකින් පැමිණ එතැන් සිට ත්‍රී රෝද රථයකින් ඔවුන්ගේ නිවෙස් වලට ගොස් ඇත. කොවිඩ් රෝගයේ මූලික ලක්ෂණ පහළ වූ බැවින් දෙදෙනාම ඊයේ (6) දින මහනුවර මහ රෝහලේදී පි.සී.ආර්. පරීක්ෂණයට යොමු කර ඇති අතර එහිදී එක් තරුණියකට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත. ඇය ගමන් කළ බස් රථය හා ත්‍රී රෝද රථය ගලහ පොලීසිය විසින් සොයා ගෙන ඇති අතර ත්‍රී රෝද රථයේ රියදුරු නිරෝධායනයට යොමු කොට ඇත. ඇය භාණ්ඩ මිලදී ගැනීමට ගිය ගලහ නගරයේ වෙළඳ සැලක්ද මේ වන විට වසා දමා එම ව්‍යාපාරිකයාද නිරෝධායනයට ලක් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.
 

More News..