brand logo

ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම හුදකලා කරයි

26 December 2020

පාදුක්ක, ගලගෙදර නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම සඳහා සංචරණ සීමා පැනවීමට පියවරගෙන ඇතිබව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය දුමිත්‍ර කහංගම මහතා පවසයි. පාදුක්ක, අරුක්වත්ත ප්‍රදේශයෙන් කොවිඩ් -19 ආසාදිත මරණයක් වාර්තාවීමත් සමග මෙම පියවර ගත් බව ඔහු සඳහන් කළේය. පාදුක්ක, අරුක්වත්ත නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙකු පසුගියදා මියගොස් තිබු අතර අවිස්සාවේල්ල රෝහලේදී සිදුකළ PCR පරීක්ෂණයේදී එම පුද්ගලයාට වෛරසය ආසාදනය වී ඇතිබව හඳුනාගෙන තිබුණි. මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ පුද්ගලයින් 40 දෙනෙකු පමණ අද (26) දිනයේදී PCR පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එම ප්‍රතිඵල හෙට (27) දිනයේ ලැබීමට නියමිත බව වෛද්‍ය දුමිත්‍ර කහංගම මහතා පැවසීය.
 

More News..