brand logo

“ගම සමග පිළිසඳර” 13 වන වැඩසටහන හෙට ගිරිබාවේ දී

05 March 2021

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන “ගම සමග පිළිසඳර” 13 වන වැඩසටහන සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ “ගිරිබාව” ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වේරගල ග්‍රාමනිලධාරී වසම තෝරාගෙන තිබේ. එය හෙට (06) උදේ 10.00 ට මාඳුරාගම ක්‍රීඩා පිටියේ දී ඇරඹේ. දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් ජනාධිපතිතුමා සමග එක්වීමට නියමිතයි. ජනාධිපති රාජපක්ෂ මහතා “ගම සමග පිළිසඳර” වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව ඔහු ම ගමට ගොස් ගැමි ජනතාව පෙළෙන ආර්ථික සමාජ ගැටලු සියැසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් දීමෙන් ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණින් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
 

More News..