brand logo

ගම්මන්පිලට වහා ඉල්ලා අස්වන්නැයි කී' පො. පෙ. මහලේඛම්ට කනේ පාරක්

13 June 2021

අගමැත්ගේ ලිපි ශීර්ෂ යොදාගෙන ජනාධිපතිට පහර දීම ගැන ප්‍රශ්න කරයි

ඉන්ධන මිල ඉහළ දැමීමේ තීරණය හේතුවෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එල්ලවන චෝදනා සම්බන්ධයෙන් අද (13) විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා තිබේ.

ඒ අනුව ඔහු සඳහන් කරන්නේ තමා සිදුකළේ සමස්ත ආණ්ඩුව ගත් තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම පමණක් බවය.

[caption id="attachment_151070" align="alignnone" width="431"] අමාත්‍ය උදය ගම්මන්පිල[/caption]  
ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සෘජුව වගකිවයුතු බැවින් එහි සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඊයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණි. [caption id="attachment_151062" align="aligncenter" width="750"] අගමැතිවරයාගේ ලිපි ශීර්ෂය සහිත ලිපිය[/caption] ඒ අනුව සාගර කාරියවසම් මහතා පහර දෙන්නේ තමාට නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකළ පළමු ජනාධිපතිවරයාටත් අගමැතිවරයාගේ ලිපි ශීර්ෂයක් යොදා ගනිමින් අගමැතිවරයාටත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි [caption id="attachment_151071" align="alignnone" width="381"] සාගර කාරියවසම්[/caption] ඊට අනුව ඉල්ලා අස්විය යුත්තේ තමන් ද සාගර කාරියවසම් මහතා ද යන්න මේ රටේ බුද්ධිමත් ජනතාව තීරණය කරනු ඇති බවද අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම තීන්දුව ගැනීමට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහභාගී වූ ජ්‍යෙෂ්ඨ ඇමතිවරු කවුරුන්දැයි නම් කරන ලෙස තමා සාගර කාරියවසම් මහතාට අභියෝග කරන බවද ඔහු පැවසීය.
 

More News..