brand logo

ගම්බිම් බලා ගිය ජනතාවට විශේෂ ප්‍රවාහන පහසුකම්

15 April 2021

අලුත් අවුරුද්ද සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා අද (15) දිනයේ සිට ක්‍රියාත්මක කර තිබේ. ලංකා ගමනාගමන මණ්ඩලය සහ පෞද්ගලික අංශයේ බස් රථ අද සිට මෙම ප්‍රවාහන සේවා සඳහා යොදවා ඇත. බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මේ බව සඳහන් කර තිබේ. මේ අතර අධිවේගී මාර්ග සඳහා ද බස් රථ යොදවා ඇත. විශේෂ දුම්රිය යෙදවීමක් සිදුනොවුන ද අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා වැඩි දුරටත් සඳහන් කරයි.
 

More News..