brand logo

ගම්පහ වික්‍රමආරච්චි විද්‍යායතනය ජාතික විශ්ව විද්‍යාලයක් කෙරේ

05 November 2020

ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යා ආයතනය , ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙය කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පැවති ආයතනයකි. මෙරට 16 වෙනි ජාතික විශ්ව විද්‍යාලය බවට පත් කරමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ උපදෙස් පරිදි 2020.10.27 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ උප සභාපතිනී , ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යා ආයතනයේ නිසි බලධාරීනී මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය පවසයි. මෙරට16 වෙනි ජාතික විශ්ව විද්‍යාලය වන මෙය "ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය" වශයෙන් නම් කොට ඇත. මෙය උප කුලපතිවරයෙකුගේ පාලනයකින් සහ පීඨ හතරකින් සමන්විත වනු ඇත. පීඨ හතර , දේශීය වෛද්‍ය විද්‍යා පීඨය , දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨය, දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ අධ්‍යාපන විද්‍යා පීඨය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨය වශයෙන් වන බව සදහන් කළ මහචාර්ය ජනිතා ලියනගේ මහත්මිය, මෙම විශ්ව විද්‍යාලය ලබන වසරේ මාර්තු 1 වෙනි දින නිල වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවද ප්‍රකාශ කළහ.
 

More News..