brand logo

ගම්පහ ගංවතුරට හේතුව කුමක්ද?

11 June 2021

ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වූ අධික ගංවතුර තත්ත්වයට හේතුව සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු දිගුකාලීන පිළියම් සම්බන්ධයෙන් ක්ෂේත්‍ර පරීක්ෂාවක් සිදුකරන ලෙස ගම්පහ දිස්ත්‍රික් සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ. මෙම මස 30 වන දිනට පෙර එම වාර්තාව සකස් කර තමාට ලබාදෙන ලෙස ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා සියලු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත දැනුම් දී තිබේ. අනවසර ඉදිකිරීම්, අනවසර පදිංචිවීම් හේතුවෙන් ඇළ මාර්ගවලින් ජලය බැසයාමට බාධා පවතිනවා ද යන්න සම්බන්ධයෙන් ද සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත වැඩිදුරටත් නියෝග කර ඇත. පසුගිය මස මැද භාගයේ සහ මෙම මස මුල් සතියේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන තිබේ.
 

More News..